යළිත් වරක් මෙලනියා ට්‍රම්ගේ අත වීසි කරයි

මෙලානියා ට්‍රම්ප්....අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තුන් වන විවාහක බිරිඳයි. මෙලානියා ට්‍රම්ප් ගැන අවසන් වශයෙන් ලොව වඩාත් අවධානය යොමුව තිබුනේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඊශ්‍රායලය සංචාරය අතර දී වූ සිදුවීමක් හේතුවෙන්.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනවාරි විසි වනදා බලයට පත්වීමෙන් පසු පළමු නිල සංචාරය මැදපෙරදිග කළාපයට යොදා ගත්තා.

70 හැවිරිදි ජනපති සහ 47 හැවිරිදි ජනාධිපති බිරිඳ මෙලානියා පිළිගන්නට ඊශ්‍රායලය සූදානම් කර තිබූ නිල උත්සවයේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා රතු පලස මතදී සිය බිරිඳගේ අතින් අල්ලන විට ඇය සිය අත වේගයෙන් ඉවත් කර දැමුවා.
එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන්ගෙන් මෙම සිදුවීම මනාව කැමරාවලට හසු කර ගත්තා.
එම සිදුවීමේ උණුසුම පහව යන්නට මත්තෙන්, අඹු සැමි ගැටුම් හා ප්‍රශ්න ලෝක බලවතුන්ටත් පොදුයි යන්න තවදුරත් තහවුරු කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා විවාහයේ තවත් දෙදරුමක් වාර්තා වනවා.
ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා රෝමයට පැමිණීමත් සමගයි. ගුවන් යානයෙන් පිටතට පැමිණ ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙලානියාගේ වමතින් ඇල්ලීමට යාමේ දී , මෙලනිය තම වමත වහ ඉවත් කර ගෙන හිස කෙස් සකසා ගන්නා අයුරු දක්නට ලැබෙනවා.

Image may contain: 1 person, standing

0 comments