කසළ කන්ද මත සිට කළ ගීතය
රුසියානු සහ ලතින් අමෙරිකානු සාහිත්‍ය හා නිර්මාණ සම්ප්‍රදායන් සමාජවාදී අර්ථක්රම හා දේශපාලන නිර්නායකයන් මත පෝෂණය වෙද්දී චීනය, ජපානය, කොරියාව වැනි රටවල් දිළිඳුකම පිටු දැකීම මුලික කර ගත් සම්ප්‍රදායන් සිය සාහිත්‍ය නිර්මාණ සඳහා පාදක කර ගත්තා. ස්වාභාවික ව්‍යසන පවා රටක අර්ථ ක්‍රමය මෙන්ම සංස්කෘතික රටාවන්ද වෙනස් කිරීමට හේතුවු අවස්ථා ලෝකයේ ඕනෑ තරම් දක්නට ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වමේ පක්ෂවල බලය බිඳ වැටීමත්, ධනේෂ්වර පන්තිය නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරවල නැඟීමත් පිළිඹිබු කෙරෙන නිර්මාණ බිහිවු අතීතයක් අපටද තිබෙනවා.
සුනාමි ව්‍යවසනය ඔබට මතක ඇති.එමඟින් ඇති වු සමාජ හා ආර්ථික බලපෑම අදටත් අපට දැනෙමින් පවතිනවා. එම තත්ත්වය අලලා කියැවුනු ලියැවුනු ගීත එකල බොහෝ ජනප්‍රියත්වයට පත් වුණා. ශ්‍රී ලංකාවේ සිදු වු අභිරහස් ඝාතන පිළිබඳව ද අපුරු ගීත නිර්මාණ බිහිවී තිබෙනවා. අප මේ කියන්න සුදානම් වන්නේ, මීතොටමුල්ල ව්‍යවසනයෙන් පසුව බිහි වු එවැනි නිර්මාණයක් පිළිබඳවයි.
“අප අද ක්‍රියාත්මක නොවුන හොත් හෙට මුළු රටම මීතොටමුල්ලක් වේවි”යන තේමාව යටතේ ගීතයක් ලියැවී තිබෙනවා. මෙම ගීතය පටිගත කර තිබෙන්නේ ද එහි රූප රචනය සිදු කර තිබෙන්නේද මීතොටමුල්ල කුණු කන්ද මත සිටයි. නව පරපුරේ වෙනස් ආරයක ගීත ගායනයෙන් ප්‍රසංග වේදිකාව තුළ ආකර්ෂණීය නමක් දිනා සිටින දොන් රජීව් විසින් මෙම ගීතය ගායනා කර තිබෙනවා. මෙහි පද රචනය සිදුකර තිබෙන්නේ, උපුල් රණවක විසින්. සංගීත නිර්මාණය තිළිණ හර්ෂණ විසින් සිදු කළ බවයි දොන් රජීව් නිවුස් 24 සමඟ සඳහන් කළේ.
ගීතයේ රූප රචනය මේ වන විට සකස් කෙරෙමින් පවතින අතර එය ළඟදීම ඔබට දකින්නට හැකියාවක් ලැබෙන බව දොන් රජීව් අප සමඟ කියා සිටියා.
0 comments