සනත්ගේ Facebook පිටුව ඉවත්කළ Admin කියන කතාව

සනත් ජයසූරියගේ අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝව මෙන්ම ඔහුගේ නිළ ෆේස්බුක් ගිණුම අක්‍රියවීම පිළිබඳව මේ වනවිට සමාජ ජාල මාධ්‍ය තුළ  කතාබහක් ඇතිව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.
සනත් ජයසූරියගේ ෆේස්බුක් පිටුව තමන් විසින්   තාවකාලිකව  අත්හිටුවා ඇති බවයි එහි ඇඩ්මින්වරයා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත්තේ.
‘මේ වෙලාවේ ඔහුගේ හිතවතෙක් සහ ඔහුගේ සමාජ මාධ්‍ය සම්බන්ධ වගකිවයුත්තා ලෙස මට කිරීමට හැකි සියලු දේවල් කලෙමි.
එපමණයි!
මිනිස්සු ශ්‍රී ලාංකිකයින් මැන ගත හැකියි!!!
ලිංගික ඊරිසියාවෙන් සහ කුහකත්වයෙන් පිරි පිරිස් පෝලිමේ ඉතින්!!!!
බලපන්! අපහස නොකර!!’
යනුවෙන් ද ඔහු සඳහන් කර තිබෙනවා.


0 comments