ඉන්දිරා ගාන්ධි සහ MGR කොටින්ට සහය දුන් බවට කේ.පී. ගෙන් හෙලිදරව්වක්

එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය  ඉන්දිරා ගාන්ධි, රෝ සංවිධානයෙන් ඉල්ලා සිටි බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන කුමරන් පද්මනාදන් පවසනවා.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු වශයෙන් කටයුතු කළ කේ.පි හෙවත් කුමරන් පද්මනාදන් ඒ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ ‘වියෝන්’  පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති මරුදූර් ගෝපලන් රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්. එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් සැපයූ බව ද හෙතෙම සඳහන් කර තිබෙනවා.
කුමරන් පද්මනාදන් යුද්ධය අවසන් වීමෙන් අනතුරුව මැලයාසියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුනේ 2009 වසරේදීයි.

0 comments