මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වෙයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වී ඇති බව cricbuzz.com වෙබ් අඩිවිය වාර්තා කරයි. කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම හේතුවෙන් මැතිව්ස් නායක්තවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.

මෙයට ආසන්නතම හේතුව වී ඇත්තේ පෙරේදා (10) නිමාවට පත්වූ සිම්බාබ්වේ-ශ්‍රී ලංකා එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමයි.

මැතිව්ස් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 34 ක් ක්‍රීඩා කළ අතර ඉන් තරග 13 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරග 15 ක් පරාජයට පත්ව තිබේ. එක්දින තරග 47 ක් ජයගෙන ඇති අතර තරග 46 ක් පරාජයට පත්විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැත.

0 comments