ලංකාවේ දිගම පෙට්‍රල් පෝලිම කොළඹ පුරහලදී, දිග කිලෝමීටර් 2යි

පෙට්‍රල් අර්බුදය කළමනාකරණය කිරීම හා ඊට හේතු වූ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා විසින් කැබිනට් අනුකමිටුවක් පත් කර තිබේ.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් මෙම කමිටුවට ඇතුළත් වේ.
මේ අතර තවත් පුවතක් වාර්තාවේ. ඒ කොළඹ පුරහල ලෝටස් වටරවුම අසල ඇති ඉන්ධන පිරවුම් හලට ඉන්ධන ලබා ගැනීමට පැමිණි රථ වාහන පෝලිම කිලෝමීටර 2කට ආසන්න දුරකට විහිදී ඇති බවයි.
ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ඉදිරියෙන් නිදහස් චතුරශ්‍රය දෙසට විහිදී ඇති මෙම රථ වාහන පෝළිම මේ දක්වා ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි දිගම වාහන පෝළිම බව වාර්ථා වේ.

0 comments