9 ශ්‍රේණියේ ගණිතය පෙළ පොතට ඉතිහාසය කොටස් එකතු කරලා !
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හරහා මුද්‍රණය කෙරෙන සියලුම පෙළ පොත් පිළිබඳව නියැදි පරීක්ෂාවක් සිදු කෙරෙන අතර එවන් පසුබිමක් තුල අදාළ දෝෂ සහිත පෙළපොත් දරුවන් අතට පත්ව තිබේ.
එමෙන්ම අදාල පෙළපොත් මුද්‍රණය සිදුකළ මුද්‍රණ ආයතනයෙන්ද මේ සම්බන්ධව නිදහසට කරුණු විමසන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
මෙවැනි අතපසුවීම් සහ දෝෂ සහගත තත්වයන් හේතුවෙන් දරුවන් මෙන්ම ගුරුවරුන්ද අපහසුතාවයට පත්වන බවත් එය අධ්‍යාපන අමාත්‍යංශයේ කීර්තිනාමයටද හානියක් වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ පිළිබඳව කරුණු සොයා බලා දෝෂ සහගත පෙළ පොත් වෙනුවට නව පෙළපොත් ලබා දීම සඳහා අදාළ පියවර ගැනීමට අමාත්‍යවරයා කටයුතු කර ඇත.
0 comments