අපායේ දොරටුවක් තුර්කියෙන්


ග්‍රීක සහ රෝමන් දේවකතාවල එන අපායේ දොරටුව සොයාගැනීමට තමන්ට හැකි වු බව පසුගියදා ඉතාලි ජාතික
පුරාවිදඥයකු වන ෆ්‍රැන්සිකෝ දී අන්ද්‍රියා ප්‍රකාශයට පත් කළා .ඉතාලියේ සලෙන්කෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු
වන අන්දියා කියන පරිදි මේ දොරටුව හමුවී ඇත්තේ තුර්කි රාජ්‍ය යේ නිරිතදිග ප්‍රදේශයෙන් අතීත රෝම අධිරාජ්‍ය යට අයත් හිරාපොලිස් නමැති මේ නිරිතදිග තුර්කිය නගරය අද හදුන්වන්නේ පටුක්කේල් යනුවෙන් . මේ ප්‍රදේශයේ උණුදිය උල්පත් කිහිපයක් ප්‍රතිසංස්කරණය කීරීමට යැමේදී මේ අපා දොරටුව හමුවී තිබෙනවා මේ දොරටුව පැරණි රෝමන්වරැන් සකස් කර ඇත්තේ පියගැට පෙළක් සහ කුඩා වෘත්තාකාර ගොඩනැගිල්ලක් සහිත ස්ථානයක් හැටියටයි . එහි පසෙක දොරටුවක් තිබෙනවා ඒ දොරටුවෙන් නිමක් නොපෙනෙන බිමි ගෙයකට ඇතුළු විය හැකියි . දොරටුවෙන් විෂ වායු වර්ග පිටවෙනවා .ක්‍රි පු 64/ 63 කාලයේදී ස්ට්‍රැබෝ නමැති ග්‍රීක භු විද්‍යාඥයා මේ දොරටුව ගැන ලියු ලේඛන අදටත් තිබෙනවා .("මේ දොරටුව වෘෂ්ප සහ වායු වර්ගවලින් වැසී තිබේ. ඒ තුළින් බිමිගෙය ඇතුළත දැකීම ඉතා දුෂ්කරය ") ගුහාවේ කට අසලට යන සතුන් ක්ෂීණිකව මැරී වැටෙන බවත් ඒ අසලින් පියාබා ගිය කුරැල්ලකු මැරී වැටෙන හැටි තමා දුටු බවත් ඔහු ලියා තිබෙනවා .
මෙම විශේෂ සොයා ගැනීම ගැන මහාචාර්ය අන්ද්‍රියා හෙළි කලේ ඉතාලියේ පැවැති පුරාවිද්‍යාත්මක සමුළුවක් අමතා කළ කතාවකදී උමග හමුවු ස්ථානයේ ගරා වැටුණු ස්ථම්භ කිහිපයක් තිබුණා. උමග සහ එහි විවරය පාතාල ලෝකයේ දෙව්වරැන් වන ප්ලුටෝ සහ කෝරේ යන දෙදෙනා වෙනුවෙන් කැප කරන බව ඒවායේ සදහන් වුණා .ගුහාවෙන් පිටතට එන වීෂ වායු වර්ගවල වැඩිහරියක් තිබෙන්නේ කාබන්ඩයොක්සයිඩ්
ක්‍රි. පු. 64/63 කාලයේ දී ස්ට්‍රබෝ කියු ලෙසට අන්ද්‍රියා මහාචාර්ය තුමා උමඟ සොයා ගන්නා ව්ටත් ඒ අසලින් පියාබා යම්න් සිටි කුරැල්ලන් රැනක්ම මැරී වැටුණා . ගුහාව පිහිටි නගරය ක්‍රි පු 190 දී 2 වැනි එවු වෙනස් නමැති රජු විසින් ගොඩනංවන ලද්දක් ක්‍රි පු 133 දී රෝමවරැන් විසින් නගරය ඩැහැගනු
ලැබුවා . රෝමන් පාලනය යටතේ මේ නගරය ඉතා පුළුල් ලෙස දියුණු කෙරැණා . නගරයේ උණුදිය උල්පත් ගණනාවක් තිබුණා ඒවා විවිධ ඛනිජ ද්‍රව්‍ය සහ
රසායනික දියරයන්ගෙන් පෝෂණය වු නිසා රෝග සුව කීරීමේ බලයකින් සමන්ව්ත වුණා . ඒ බැවින් මේ උණුදිය උල්පත් ස්නානය කීරීමට පැමිණි ජනයාගෙන් ප්‍රදේශය නිතර පීරී ගියා මේ මීට වසර 2100 කට පමණ පෙරයි .

ක්‍රි ව 400 වනතුරැ මේ නගරය ජනාකීර්ණව පැවැති බව ඉතිහාසඥයන්ගේ පැවැති බව ඉන්පසු භටගත් භුමිකම්පා මාලාවක් නිසා නගරය අත්හැර යන්නට මෙන්ම
එහි ආ වන්දනාකරැවන්ටත් සිදු වුණා ..
අන්තර්ජාල තොරතුරු ඇසුරෙන්
ඩොන්-Shyam Don

0 comments