රට තුළ දින 10ක හදිසි අවස්ථාවක්
ඊයේ දිගන ප්‍රදේශයන්හි සිදුවූ සාමය කඩකළ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් රජය මේ වන විට ස්ථිර සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට සුදානමින් සිටිනවා.
අපට ආරංචි වන අන්දමට අන්තර් ප්‍රජා සමගියට බාධා කිරීමේ සහ කළහ ඇති කිරීමේ පැහැදිලි පරමාර්ථයෙන්, මුස්ලිම් සහ අන් ප්‍රජාවන් අතර ද, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවි මගින් සමහරුන් විසින් කෙරෙන නොමග යවන සුළු තොරතුරු සහ වෛරශීලීත්වය බෙදා හැරීමට කටයුතු කරන ක්‍රියාකාරීන් හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම උදෙසා ආරක්ෂක අංශය විසින් විශේෂ ඒකකයක් මේ වන විට පිහිටා ඇති බව අනාවරණය වේ. එම පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන දණ්ඩනීති සංග්‍රහයට අනුව ඔවුනට විරුද්ධව ගතහැකි ඉහලම දඬුවම ලබා දීමට කටයුතු කිරීමට ආරක්ෂක අංශය මේ වන විට පියවර ගෙන තිබෙනවා.
ඒ අතර ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගෙන් එවැනි වෛරශීලී සහ සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස රජය ඉල්ලා සිටින අතර වසර 30කට අධික කාලයක් යුධමය තත්වයකින් පීඩා විදි රටක් ලෙස එවැන්නක් යලි ඇති නොවීමට රටේ සියලුම පුරවැසියන් හට වගකීමෙන් යුතුව සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍යන් භාවිතා කරන මෙන්ද ඉල්ලා සිටී.
ජනාධිපතිතුමා විසින් ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලිසියට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමටත්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා අනිකුත් දිස්ත්‍රික් පරිපාලන බලධාරීන් සමඟ එක්ව ප්‍රජාවට අහිතකරව බලපාන කලහකාරී සිද්ධින්ට එරෙහිව වහාම ක්‍රියා කරන ලෙසත් නියෝග කරන ලදී.









0 comments