මනුෂ හඬපටය ලබා දී රටින් පිටවෙයි

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අද (06) දින සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌ වූ බව සියලු මාධ්‍ය වාර්තා කර සිටියා. 
තමා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පවසන වීඩියෝවක් ද මනුෂ නානායක්කාර මාධ්‍යට නිකුත් කළා. 
එම වීඩියෝ පටය අද දහවල් ප්‍රචාරය වූවත් එය සකස් කර ඇත්තේ ඊයේ (05) රාත්‍රී කාලයේදීයි. 
වීඩියෝ පටය සකස් කළ මනුෂ නානායක්කාර  දිවයිනෙන් පිටත්ව ගොස් තිබුනේ අද අලුයම් කාලයේදීයි. 
අප ගුවන් තොටුපොල වාර්තාකරු කියා සිටියේ SQ - 402 දරණ යානයෙන් මන්ත්‍රීවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි.

0 comments