නැවතත් මව් පදවියට සැරසෙන පුංචි පැංචි


ප්‍රමුදි කරුණාරත්න ඔබේ මතකයේ තවමත් රැඳී ඉන්නවාට සැක නැහැ. සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරෝජා චිත්‍රපටයෙන් වගේම පුංචි පැංචි වැඩසටහන නිසා ඇය බොහෝදෙනෙක් ආදරය කළ පුංචි කලා ශිල්පිනියක් වුණා. දැන් ඇය ඒ හිටපු පුංචි පැංචි නෙවෙයි. දැන් ඇය මවක්. රංගනයෙන් අෑත්වෙලා හිටියත් පුංචි පැංචිගේ තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

කොහොමද ප්‍රමුදි දුවත් එක්ක ගෙවෙන ජීවිතය?

සතුටින් ජීවිතය ගෙවනවා. දැන් මට අවුරුදු එකහමාරක දුවෙක් ඉන්නවා. අම්මා කෙනෙක් වීම කියන්නේ ජීවිතයේ වෙනස් අත්දැකීමක්. දුවගේ වැඩත් එක්ක තමයි ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. එයාගේ වැඩ කරද්දී වෙලාව යනවා තේරෙන්නෙවත් නැහැ. දැන් එයාගේ හොඳම වයස. ලස්සනම කාලේ. හරි දඟයි දැන්. ඉතින් එයාගේ වැඩත් කරගෙන සතුටින් ජීවත් වෙනවා.

දුවගේ නම මොකක්ද?

දුවගේ නම සෞර්‍යා දෙනවක.

දුව ප්‍රමුදි වගේද? සැමියා වගේද?

දුව මම වගේ කියලත් එයාගේ තාත්තා වගේ කියලත් කියනවා. මට නම් එයාව තාත්තා වගේම තමයි පේන්නේ.

ප්‍රමුදිට සැමියාව මුණගැහුණේ කොහොමද?

මම ක්ෂේත්‍රයේ ඉදිද්දි දැනගෙන තමයි එයා මට මුණගැහුණේ.

ප්‍රමුදි රැකියාවක් කරනවද?

මගේ සැමියා සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් එයාගේ තැනම තමයි මම වැඩ කරන්නේ. දුව ලැබෙන්න කලිනුත් මම එයාට උදවු කරගෙන ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා. දුව ලැබුණට පස්සෙ මාස හයක් විතර වැඩ කළේ නැහැ. සැමියා එක්ක එයාගේ වැඩකටයුතුවලට සහාය වෙමින් ඉන්න එකට මම කැමැතියි. වෙන රැකියාවකට ගියොත් පවුලේ දේවල් මඟහැරෙන්න පුළුවන්. ඉතින් සැමියාගෙම වැඩ කටයුතුවලට සහාය දුන්නම හැමදේම සමබර කරගෙන යන්න පුළුවන්.

ප්‍රමුදි දැන් රංගනයෙන් අෑත්ම වෙලා නේද?

දැන් මම රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ වැඩකටයුතු එක්ක රංගනයට වෙන් කරන්න කාලය අඩුයි.

ජනප්‍රියත්වය තිබියදි තමයි ප්‍රමුදි රංගනයෙන් අෑත්වෙලා ඉන්නේ?

මම රංගනයෙන් අයින් වෙලා, අවුරුදු පහක්, හයක් වෙනවා. මම හිතුවා රංගනයෙන් අෑත් වෙලා ඉද්දි ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා ඇති කියලා. හැබැයි එහෙම වෙලා නැහැ. මට රංගනයට ආරාධනා ලැබුණා. ඒත් ආයෙත් රංගනයට එකතු වෙන්නේ නෑ කියලා හිතලා තියෙන්නේ. රංගනය පටන් ගත්තොත් ඒවට කාලය යොමු කරන්න අමාරුයි. දැන් දුවගේ වැඩත් තියෙනවානේ. මම පොඩි කාලේ ඉඳන් රංගන කටයුතු කළා. නිවේදන කටයුතු කළා. අවුරුදු 18ක් විතර වෙනකල් මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ ඇති කියලා හිතෙනවා.

ප්‍රමුදි රංගනයට එන්නේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ 'සරෝජා' චිත්‍රපටයෙන්. ආයෙත් ඔවුන්ගේ නිර්මාණයකට කතා කළෙත් නැද්ද?

සෝමරත්න මාමා, රේණුකා නැන්දා එක්ක කතා කරනවා. මම ඔවුන්ගේ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට ගියේ. අලුත් නිර්මාණයකට නම් හොඳ වෙලාවට කතා කළේ නැහැ. කතා කළා නම් මට බෑ කියන්නත් බෑනේ.

ප්‍රමුදි රංගනයෙන් අයින් වෙලා ඉන්නවට සැමියා කැමැතිද?

මම කලා කටයුතුවලට එකතු වෙනවට එයාගේ ලොකු කැමැත්තක් කොහොමත් නැහැ. එයා මට කියන්නේ 'ඔයා ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගත්ත කෙනෙක්. ඒක නැති කරගන්න එපා' කියලා. තාමත් ඔයාව දකින අය ඔයා ගැන හොඳක් කතා කරන්නේ. ඒ නිසා ආයෙත් රංගනයට යන්න අවශ්‍ය නෑනේ කියලා තමයි එයා කියන්නේ. එයාගේ වැඩවලට උදවු වෙලා, එකමුතුව ඒ වැඩ කරගෙන ඉන්නවට එයා කැමැතියි. එතකොට බබාව, පවුලේ දේවල් මඟ හැරෙන්නෙත් නෑනේ.

ප්‍රමුදිව බොහෝදෙනෙක්ට මතක සරෝජා නිසාද? පුංචි පැංචි වැඩසටහන නිසාද?

පුංචි පැංචි එක්ක මාව බොහෝදෙනෙක්ට මතකයි. සරෝජා චිත්‍රපටය නිසත් බොහෝදෙනෙක් මට ආදරෙයි.

සරෝජා චිත්‍රපටය එක්ක මුණගැහුණ නිත්‍යා තාමත් ඔබේ මිතුරියක්ද?

ඔව්. අපිට නිතරම මුණගැහෙන්න වුණේ නැතත් අපි කතාබහ කරනවා. මම එයාගේ විවාහ උත්සවයටත් ගියා. විශේෂ අවස්ථාවල අපි මුණගැහෙනවා. ඒ යාළුකම් නැති වෙලා නැහැ.

ප්‍රමුදි ආයෙත් මවක් වෙන්න සූදානම්ලු නේද?

ඔව්. ආයෙත් මම මවක් වෙන්න ඉන්නේ.

ඊළඟට බලාපොරොත්තු වෙන්නේ පුතෙක්ද?

තවම දුවෙක්ද පුතෙක්ද ලැබෙන්න ඉන්නේ කියලා දන්නේ නැහැ. තව මාස තුනකින් විතර ඒක දැනගන්න පුළුවන්. දුවෙක් ඉන්න නිසා පුතෙක් ලැබුණොත් හොඳයි කියලා සමහරු කියන්නේ. දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් ඉතින් සතුටින් භාරගන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
Source - මව්බිම

ඉන්ධන මිල අඩු කරන්න යයි !


ළඟදීම ඉන්ධන මිල ගණන් අඩු කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය කාලයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සෑහෙන පමණ අඩුවිය.


එම අඩුවීමෙන් රජය ලද ලාබ මුදල් අර්බුදකාරී අවස්ථාවක ඊට මුහුණදීම සඳහා ස්ථාපිත ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලේ තැන්පත් කැරිණි. දැන් එහි තැන්පතුව රුපියල් කෝටි 800ක් පමණ වන බවද වාර්තා වෙයි.

පවතින තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්ද සලකා ඉතා ඉක්මණින් ඉන්ධන මිල සහනයක් සැලසීමට නියමිත බව වාර්තා වෙයි. එහිදී පෙට්‍රල් ඩීසල් හා භූමිතෙල් මිල ගණන් සෑහෙන පමණ අඩුකෙරෙනු ඇතැයි කියැවේ

Source - නෙත් Gossip

"මාස දෙකකින් මගේ සැමියා ගෙදර ආවේ නැහැ"


ජනප්‍රිය චරිතයක් කියන්නේ එක්තරා දුරකට සිරගත කළ ජීවිතයක්ද එහෙමත් නැත්නම් ආශීර්වාද ලත් ජීවිතයක්ද අද කාලේ දකින්න අහන්න ලැබෙන බොහෝ කතාබහ සමග අපිට ආයෙමත් ජනප්‍රියත්වය පිළිබඳ කියවීමකට යන්න සිදුවෙලා. මේ ජනප්‍රිය ජීවිතවල ඇතුලාන්තයන් හෙළිදරව් වීමේ කලබෑගෑනිය අතරෙ අපි ජනප්‍රිය චරිතයකට ඇරියුම් කළා. ජනප්‍රියත්වය නාමයෙන් ස්වකීය ආරදණීන් වෙනුවෙන් කතා කරන්න ඇය ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරි වික්‍රමසිංහ.

මේ දවස්වල කාලය ගෙවෙන්නෙ කොහොමද?

මේ කාලයේ ගොඩක් වෙලාවට ගෙදරමයි ගෙදර වැඩ කටයුතු එක්ක කාර්යබහුලයි.

සන්දර්ශන අඩුවීමට ඔබට බලපාල නැතිද?

ඒක ගොඩක් දැනෙන කාරණයක්. ඒත් ඒක නොදැනුණා වගේ ඉන්නවා. මොකද මේක මුළු ලෝකයටම බලපාපු කාරණයක් නිසා. පහුගිය වසරෙත් අපිට තිබුණ සංදර්ශන සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. මේ අවුරුද්දෙත් එහෙමමයි.

අතහරින්න සිදුවුණ වැඩ අතර පැවති විශේෂ වැඩ මොනවද?

අපි ගොඩක් කාලයක ඉඳලා සැලසුම් කළ විදේශ ප්‍රසංග තුනක් දින නියමයක් නැතිව කල් ගියා. ඒ වගේම අප්‍රේල් මාසයේ තමයි කලාකරුවෙක්ට වැඩිම සන්දර්ශන තියෙන්නෙ. ඒ හැම සන්දර්ශනයක්ම කල්ගියා. පසුගිය වසරෙ කරන්න බැරිවෙලා මේ වසරට යොදාගත්ත ප්‍රසංගත් කල්ගියා මේවා කෙරෙයිද නොකෙරෙයිද කියල දන්නෙ නැහැ.

ඔබගේ සැමියා වෛද්‍යවරයෙක් නිසා කොරෝනාව ඔබගේ පවුලට වෙනස් විදිහට දැනුණ තත්ත්වයක් වුවාද?

එතනදි අපිට ලොකු කැපකිරීමක් කරන්න වුණා මාසයක් දෙකක් යනතුරු මගේ සැමියා ගෙදර ආවෙත් නැහැ. මොකද එයාට එන්න බයයි නිතරම රෝගීන් එකක් ඉන්න කෙනෙක් විදිහට එයාට පරිස්සම් විය යුතුව තිබුණා. ඒ වගේම මේ රෝගය ගැන හා පවතින තත්ත්වය ගැන දැනුවත්වීම් පවා අපිට ඔහු ඇසුරෙන් ලබාගන්න පුළුවන් වුණා.

පවතින ප්‍රසංග නිහැඬියාවට පිළිතුරක් ලෙස තමන්ගේ මෝටර් රථයේ සිටම ප්‍රසංග නැරඹීමේ ප්‍රවණතාවයක් බිහිවෙමින් පවතිනවා මේ ගැන ඔබේ අදහස කුමක්ද?

කලාකරුවන්ටත් ඔවුන්ගේ ආර්ථිකය යම් මටට්මකින් යළි ගොඩනා ගැනීම අවශ්‍යයයි. ඒ සඳහා එක එක විදිහේ උපක්‍රම විවිධ ආයතන සමග එකතුවෙලා යොදාගනිමින් පවතිනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. එවැනි තත්ත්වයකට දායක වෙන්න මමත් හරි කැමතියි. සිද්ධවෙන්න ඕන මේක නවත්තවලම තියන එක නෙවෙයි. විවිධ ක්‍රමවලින් අපිට අපේ රසිකයන් අතරට යන්න උපක්‍රම සොයා ගැනීමයි.

උරේෂා ඔබ ඔබේ රසිකයන් ගැන හිතා වැඩ කරන කෙනෙක්ද?

අපිට ආදරය කරන රසිකයන් මත තමයි අපේ පැවැත්ම රඳා පවතින්නෙ. අපි හොඳ නිර්මාණවලින් රසිකයන්ට වින්දනයක් ලබාදුන්නොත් අපි රසිකයන් අතර රැඳෙනවා. ඒ ගැන නිතර නිතර හිතන්න අවශ්‍ය නැහැ. ජනප්‍රියත්වය හා මුදල් පරමාර්ථය පමණක් පෙරදැරිව නිර්මාණ කළොත් රසිකයන් ලැබෙනවා, මුදලුත් ලැබෙනව හැබැයි ඉක්මනින්ම මිනිසුන් අතරින් අපිව මැකිලා යනවා.

රසිකයන්ට කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිත අදාළද නැතිද?

මෙතනදි මාව උදාහරණයකට ගත්තොත් මම කැමති කලා ශිල්පින් ශිල්පිනියන් ඉන්නවා. මම කොහොමද කෙනෙක්ට ආදරය කරන්නෙ. ඊට පස්සෙ ඒ අයගෙ පෞද්ගලික ජීවිතය, ඒ මොන විදිහටද පවුල් ජීවිත ගත කරන්නෙ ඔය වගේ කාරණා එක්ක ඔවුන් කෙරෙහි අප තුළ තියෙන ආදරය අඩු වැඩි වෙනවා.

ඔබ ඔබගේ පෞද්ගලික ජීවිතයේ කාරණා ජනප්‍රියත්වය වෙනුවෙන් යොදාගන්න සූදානම්ද?

ගායිකාවක් නෙවෙයි සාමාන්‍ය ගැහැනියක් විදිහට මම ජීවත්වෙන විදිහක් තියෙනවා. මගේ ජීවිතයේ තියෙනවා යම්කිසි ප්‍රතිපත්ති ටිකක් ඒ ප්‍රතිපත්තිවලට අනුව තමයි මම ජීවත් වෙන්නෙ. මම කවදාවත් ජනප්‍රියත්වය උදෙසා මගේ පෞද්ගලික ජීවිතය පාවිච්චි කරන්නෙ, ඒක උකස් කරන්නෙ නැහැ.

ඔබ ඔබේ ජීවිතයේ කාරණා රසිකයන්ට රහසක්ද?

මට පෞද්ගලික් ජීවිතයක් තියෙනවා. ඒක හැමෝම දැනගන්න ඕන. පෞද්ගලික ජීවිතයක් ඒක රහසිගතව ගෙනයන ජීවිතයක් නෙවෙයි. මම හරිම විවෘත කෙනෙක්. ඒ විවෘත බව ඇතුළෙ ඕන කෙනෙක්ට මාව හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන. අපි යමක් හංගන්න උත්සාහ කළොත් ඒක මිනිස්සු හොයන්න පෙළඹෙනව. කලාකරුවන්ට කවදාවත් රහසෙ කිසිම දෙයක් කරන්න බැහැ.
sharefb

නිවුන් සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකු මෙලොව හැරයයි


පසුගිය වසරේ උසස්පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ 04 වැනියා සහ 05 වැනියා ලෙසින් විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් නිවුන් සොහොයුරන් දෙදෙනෙකු පිළිබඳව රටේම අවධානය යොමුවූවා.

ඔවුන් දෙදෙනා රුසිරු දේශාන් මනතුංග සහ ඉසුරු හේෂාන් මනතුංග නම් මෙම සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකු අද සදහටම අවසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගිය පුවත පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් හුවමාරු වෙමින් පවතිනවා.

ඉන් ඉසුරු හේෂාන් මනතුංග මෙලෙස අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදිනක කෑගල්ල මහරෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව අද දහවල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

ඉන්දියාවෙන් පැමිණි සාරි වෙළෙන්දා කොරෝනාත් අරන් ඇවිත්?


ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දකු ආපසු ඉන්දියාවට යෑමෙන් පසුව කොරෝනා ආසාදිතයකු බවට පත්වීමක් සමඟම යාපනයේ ඔහුව ඇසුරු කළ ඉනුවිල් හා නාවාලි යන පළාත්වල නිවෙස් 19ක පිරිස් 9දා සිට ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

මෙසේ නිරෝධායනයට ලක් කොට ඇත්තේ එම සාරි වෙළෙන්දාගේ සාරි මිලට ගැනීම පුරුද්දක් කරගෙන සිටි යාපනයේ සාරි ව්‍යාපාරිකයන් 19 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝය.

මේ පිළිබඳව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ එවැනි ආරංචියක් පැතිර ඇති නිසා රාජ්‍ය මට්ටමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමක් සිදුකරගෙන යන බවයි.

යාපනයට පැමිණි සාරි වෙළෙන්දා කවුරුන්දැයි නිශ්චය වශයෙන්ම අනාවරණය වී නොමැති බවද එම නිලධාරියා කියා සිටියේය.

වවුනියාවේ - රසාදි චතුරංගි ගමගේ
Source - මව්බිම

කොරෝනා අස්සේ පැල්පත්වාසීන්ගේ කුසගිනි නිවන රූමත් කෙල්ල


කොරෝනා වසංගතය හේතුවෙන් රැකී රක්ෂා කටයුතු නොමැතිව මූලික අවශ්‍යතා පවා පිරිමසා ගැනීමට නොහැකිව ළතවන පැල්පත්වාසීන් 200කගේ පමණ කුසගිනි නිවීමට ජනප්‍රිය ඉන්දීය නිළි රාකුල් ප්‍රීට් සිං කටයුතු කරමින් සිටී.

සිය මවුපියන් වන කුල්වින්දර් සිං සහ රාජේන්ද්‍රන් සමඟ ඉකුත් අප්‍රේල් මාසයේ සිටම දිනපතා මෙම පැල්පත්වාසීන්ට දිනකට දෙවරක් පිසූ ආහාර පාර්සල් ලබා දීම සිදුකරන බව ඇය පවසයි.

නගරයේ වසා දැමීම් තවදුරටත් ක්‍රියාත්මක වන තාක් මෙම කටයුත්ත ඉටු කරන බවත් ඇය පවසන්නීය. මේ අර්බුදකාරී සමයේ සැවොම තමාට හැකි දේ කළ යුතු බව කියන රාකුල් පවසන්නේ අප නිවෙසට, ආහාර ආදිය ලබාගත හැකි මට්ටමක සිටින බැවින් හදිසි ආපදා තත්ත්වයකදී සමාජය වෙනුවෙන් යමක් කළ යුතු බවයි. ආහාර ලබාගන්නා විට ඔවුන්ගේ මුහුණේ මතුවන සිනහවට එහා දෙයක් මට ලබාගන්න බැහැ. මා ලබා ඇති සියල්ලට කෘතවේදීත්වය දැක්වීමට මෙය ඉතා සුළු පරිශ්‍රමයක් පමණයි රාකුල් තවදුරටත් කියන්නීය.


ගුවන් තොටේ කොරෝනා පරීක්‍ෂාවට පයින් ගසා ඇතුළු වූ නිලධාරියා


කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කොරෝනා පරීක්ෂාව ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු විදේශයක සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කර ඇත.

ගුවන් තොටුපල සෞඛ්‍ය බලධාරීන් විසින් ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම රාජතාන්ත‍්‍රික නිලධාරියා එය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

තායිලන්තයේ සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වය ජුනි අවසානය දක්වා දීර්ඝ කරයි



කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස අවසානය දක්වා පවත්වාගෙන යෑමට තායිලන්ත බලධාරීහු තීරණය කර තිබේ.

දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කරන අතරතුර ආසාදන පාලනය කර තබා ගැනීම සඳහා මෙලෙස හදිසි නීතිය දීර්ඝ කරන බව තායිලන්ත කොවිඩ් - 19 කාර්ය සාධක බලකාය පවසයි.

මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ සාප්පු සංකීර්ණ, වෙළඳසැල් සහ දෙපාර්තමේන්තු නැවත විවෘත වී ඇත.

ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනම ද ජුනි අවසානය දක්වා දීර්ඝ කර තිබේ.

එසේ වුවද බාර්, රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා සහ ක්‍රීඩා පිටි තවදුරටත් වසා දමා තිබේ.

දැනට වසා දමා ඇති පාසැල් ජූලි මාසයේ විවෘත කිරීමට නියමිතය.

මාසයක් පමණ කාලයක් තිස්සේ තායිලන්නයේ දෛනික ආසාදිතයන් වාර්තා වීම අඩුවෙමින් පැවති අතර පසුගිය පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා වී නොමැත.

තායිලන්තයේ මේ වනවිට තහවුරු වී ඇති කොරෝනා ආසාදිතයින් ගනන 3 037 ක් වන අතර මරණ 56ක් සිදුවී තිබේ.

රෝගීන් 2 910 දෙනකු සුවය ලබා තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

සෞඛ්‍ය උපදෙස් අනුව පොසොන් උත්සවය සමරන ලෙස සෞඛ්‍ය අංශ කියයි



සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණවලට එළැඹිණි.

කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විට සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් දුරස්ථභාවය රැකෙන අන්දමින් මෙවර පොසොන් පොහොය දින සීල ව්‍යාපාර පැවැත්වීමට ද එහිදී තීරණය විණි.

“ආරෝග්‍යා පරමා ලාභා” තේමාව යටතේ, මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වෙන අතර ලොවම සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ රාජ්‍ය වෙසක් උත්සවය සැමරූ “ආරෝග්‍යා පරමා ලාභා” තේමාවම රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමටද සුදුසු බව එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මිහින්තලා පුදභූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය, අටස්මස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් ද ඇතුළුව රට පුරා පැවැත්වෙන පොසොන් පිංකම් වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් දේශනා, හේවිසි පූජා, කප්රුක් පූජා, සහ මාධ්‍ය ආයතනවල අනුග්‍රහය ඇතිව ආලෝක පූජා පැවැත්වීම ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකරේ.

අවදානම් පිරිස් ලෙස සැලකෙන යම් යම් රෝග තත්ත්වයන් පවතින අය හා වයස්ගත පිරිස් සීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වලකින ලෙසද මෙහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කළේය.

ඒ අනුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබාගනිමින්, පන්සල් අවට සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් සීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබෙයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දැනුම්වත් කිරීමටද මෙහිදී තිරණය විය.

මෙවර පෙරහැර පින්කම් අත්‍යාවශ්‍ය අංග පමණක් සහභාගි කර ගනිමින් විහාරස්ථාන භූමියට පමණක් සීමා කිරීම මඟින් ජන සහභාගීත්වය අවම කිරීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ දැනුම් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

පන්සලෙන් ජනතාව ඈත් කිරීම නොකළ යුතු වුවත් ලෝකයම මුහුණ දීලා තියෙන අවදානම් තත්ත්වය නිසා මේ අවස්ථාවෙ කිසියම් පාලනයක් කරන්න අවශ්‍යයි. පොසොන් පෙරහැර පැවැත්වීමත් ජනතාව ඒකරාශි නොවන විදියට කරන්න සිද්ධ වෙනවා. සහභාගි කරවා ගන්න ප්‍රමාණය ඒ ඒ පන්සල්වල ඉඩ ප්‍රමාණය අනුව තීරණය කරන්න වෙනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මේ සදහා සහාය වෙයි.

සෞඛ්‍ය අංශ නිකුත් කරන නිර්දේශ ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමට ජනතාව පියවර ගැනීම වැදගත් වෙනවා. මාධ්‍ය ආයතන මඟින් සජීවී ව පෝදා වැඩසටහන් විකාශනය කරන නිසා ජන සහභාගීත්වය අවම වෙයි කියලා හිතනවා.

ඒ වගේම සීල ව්‍යාපාර සඳහා සම්බන්ධ කර ගන්නා පිරිස් අතරට රෝගාබාධවලින් පෙලෙන්නන් සහ වැඩිහිටි අය සම්බන්ධ කර ගැනීමෙන් වලකින්නත් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලින් ජනතාව දැනුම්වත් කිරීමත් අවශ්‍යයි.

මෙම අවස්ථාවට සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමි, තිස්සමහාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක හිමි, මුල්කිරිගල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල නායක හිමි, මාතර පාලටුව බෞද්ධෝධය විහාරාධිපති ගැටමාන්නේ ගුණානන්ද හිමි, සුදර්ශන ධර්ම නිකේතනයේ ලේල්වල සමිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර, බෞද්ධ කටුයතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු සහ දකුණු පළාත් රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

-aruna

කොරෝනා මව්වරු 100ක් නිරෝගී දරුවන් බිහි කරති



ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලකදී කොරෝනා ආසාදිත මව්වරු 100කට වැඩි පිරිසක් නිරෝගී දරුවන් බිහිකර තිබේ.

මේ අතරින් දරුවන් 03 කු පමණක් පරීක්ෂණවලදී මුලින් ආසාදිතයන් බව පෙන්නුම් කළද පසුව ඔවුන්ද ආසාදිතයන් නොව බව තහවුරු විය.

දරු ප්‍රසූතිය සඳහා මෙම රෝහලට ඇතුළත් වූ ගැබිනි මව්වරු අතරින් දෙදෙනකු රෝහලේදී මිය ගොස් තිබිණි. ඉන් එක් අයකු මියගියේ දරු ප්‍රසූතියට පෙරය.

මෙම දරු උපත්වලින් හරි අඩක් පමණ ස්වාභාවිකව සිදු වූ ඒවාය. ඉතිරිය සිසේරියන් සැත්කම් මගින් සිදු කෙරිණි. දරුවන්ගෙන් 59 දෙනෙක් ගැහැනු දරුවන් වන අතර 56 දෙනෙක් පිරිමි දරුවෝ වෙති.

ආසාදිත මව්වරු අතරින් 22 දෙනකු මෙම රෝහලට ​යොමු කර ඇත්තේ වෙනත් රෝහල් වලිනි. මෙම මව්වරුන්ට වෛරසය ආසාදනය වූයේ නිවසේදීද පිටතදීද නැතිනම් රෝහලේදීද යන්න නිශ්චය කෙරී නැත.

ඔවුන් සඳහා ඇඳන් 40කින් සමන්විත විශේෂිත වාට්ටවුක් රෝහලේ පිහිටුවා තිබේ. වෛද්‍යවරු 65 දෙනකුගෙන් සහ හෙදියන් 25කට ආසන්න කාර්යමණ්ඩලයක සේවය එහිදී සැපයේ.



ධම්මික සෙනෙවිරත්න